Monday, March 28, 2011

ගරායකා ලංකාවේ 'Reality Show' එකක් බලන්ට යයි!

මේ ටිකේම යකාට හොදටෝම වැඩ. මම කලිනුත් කිව්වා වගේ අපිට ඔය නරයෝ වගේ අයිස් ගගහ ඉන්න වෙලාවක් තියෙන එකක්යෑ! රෑ ඉදන් උදේ වෙනකන් යකා බැඳගත්තා වගේ වැඩ. ඔය අස්සේ වෙච්ච අපූරු වැඩක් ගැනයි යකා මේ කියන්න යන්නේ........
මම යකෙක් උනත් යාලු නරයෝ ගොඩාක් මට ඉන්නව කියල කවුරු කවුරුත් දන්නවනේ. ඉතින් මෙ ලගදි මගේ යාලූ නරයෙක් හිටි ගමන් මට කෝල් එකක් දුන්නා!

"මචං ගරා, මේ පොඩි හෙල්ප් එකක් ඕනි, පොඩි සප් එකක් දෙන්න පුලුවන්නේ?"
"දැන් මොකටද මගේ හෙල්ප් එක ඕනි? ගෑණු ළමයෙක් ඉස්සරහ බ්‍රේක් ඩාන්ස් එකක් දාන්න වත්ද??"
"ඒක නම් මටත් කරගන්න පුලුවන් යකෝ, මෙක මේ අර TV ෂෝ එකක වැඩක්, මාව අර Mind Star එකට සිලෙක්ට් උනානේ! බැරිද මගේ සප් එකට එන්න! දිනුවොත් උඹටත් සලකන්නම්!"

යකාට සල්ලි වැඩක් නැතත්, අනුන් ගැන හිතන ගුණේ තියෙන නිසා (අර සන්ක්වික් ඇඩ් එකේ වගේ!) යකත් කැමති උනා උදව්වට යන්න!
උදේ 6ට මාලඹේ IT කැම්පස් එකට (SLIIT එකට) එන්න කියලයි කියල තිබ්බේ. ඕන් ඉතින් කුකුළා කරේ තියන් යාලුවයි, යකයි එකට යන්න පිටත් වෙලා, යාන්තම් 6 වෙද්දිම SLIIT එකට රිංග ගත්තා!
හපොයි! 6ට එන්න කිව්වට මොකො ෂෝ එක පටන් ගන්නේත් 8ට විතරලු! ඕන් එතකොටම ප්‍රොඩක්ෂන් එකේ නංගි කෙනෙක් ඇවිත් තරගකාරයො ටික මේක්-අප් කරන්න ඇදන් ගියා! දැන් උදේ 7! (යකා පැයක්ම ප්‍රොග්‍රෑම් එක හදන අයගේ දෙමාපිය, අසල්වැසියොන්ගේ ගුණ සිහි   කර කර හිටියා!!), ඕන් හිටි ගමන් හෝල් එකේ උඩ තට්‍ටුවෙන් මල්ලි කෙනෙක් මතුවුනා!
 
               "කාලා නැති කට්ටිය ඉන්නවනම් එන්න කන්න!"

ඒ වචන ටික  අහුනු ගමන් පු‍ටු උඩ, මේස උඩ, පඳුරු අස්සේ, ගස් යට, ඇවිද ඇවිද, ඈනුම් ඇර ඇර, හිටි ඔක්කෝටම පුදුම ජොලියක්නේ ගියේ! ගංවතුර ගලනව වගේ සෝ ගාල කට්ටියම උඩ තට්‍ටුවෙ කෑම කන්න! යකාට ඉතින් ඔය කෑම දිරවන්නේ නෑනේ, ඉතින් යක හෙමින් හෙමින් උඩ තට්‍ටුවට ගියා සිද්දිය බලන්න, ඒක නම් බලන්න වටින දර්ශනයක්! හරියට ඉතියෝපියාවට පාන් කෑල්ලක් දැම්මා වගේ! කෑම පැකට් ටිකට පුදුම පොරයක්! ඉපදුනාට පස්සේ අදද කොහෙද මුලින්ම කෑම දැක්කේ!!
හරි කොහොමෙන් කොහොමෙන් හරි කෑමත් කාලා අපි ෂෝ එක බලන්න ඇතුලට රිංග ගත්තා!
අර කලින් කිව්ව නංගි ආයෙත් ආවා! "ඔයාල ඔය පු‍ටු වල වාඩි වෙන්න, තරඟකරුවන්ගේ පවුල් වල අය ඉස්සරහට එන්න!"  හරි ඕන් නංගි කියපු හටියටම අපි වාඩි උනා කියමුකො!
මේන්න සෙනග අස්සේ ටිකක් දැකල පුරුදු මූනක්! බැලින්නම් අපේ ගිරා! (මම ගරා එයා ගිරා!) ගිරා කිව්වේ ගිරිරාජ් කෞශල්‍යට! එයාව නොදන්න කෙනෙක් නෑනේ! ගිරා සහය අධ්‍යක්ශනය, අංග රචනය, වේදිකා පරිපාලනය ඔක්කෝම කරනවද කොහේද!
වැඩසටහන් ගැන විස්තර කියපු ගිරා  වාඩිවෙලා හිටිය අයව ආයිම නැගිට්ටෙව්වා!
"මල්ලී ඔයා උස වැඩි, පිටිපස්සේ අයව කැමරා එකට එන්නේ නෑ, ඔය පිටිපස්සට යන්න, අංකල්, ඔතනට නිතරම කැමරාව ඇල්ලෙනවා, මේ නංගිලව ඔතනට දාල ඔයා මෙහෙට එන්න....!!" ගිරාට ඔනි විදිහට වාඩි වෙනකොට 9! ඊළඟට ගිරා කියපි ෂෝ එක අස්සේ ඔයගොල්ලෝන්ගේ actions ගන්න බෑ මේක රියලිටි උනාට, එක නිස අපි එව දැන් ගමු! ඔන්න ඉතින් කැමරා ඔක්කොම අපේ පැත්තට හැරෙව්වා! හරි දැන් හිනාවෙලා අත්පුඩියක් ගහන්න...., අපිට ඉතින් හත් අට සැරයක්ම අත්පුඩි ගහන්න උන හරි ෂොට් එක එනකම්! ගිරා ආයිත් කතා කලා, දැන් හිතන්න තරඟයේ තීරනාත්මකම තැනක්, එහේම හිතාගෙන satge එක දිහා බලාගෙන ඉන්න...." ඒකත් ෂූට් කලා කියමුකෝ! තව ඉවර නෑ! දැන් විනිෂ්‍ය මණ්ඩලේ ෂූටින්! අර එයාලගේ නම් කියද්දී ඔලුව හොල්ලන්නේ! ඒවා! මේ තරඟේ බලල තියෙන අය දැකල අති තරඟේ මැදදි විනිෂ්‍ය මණ්ඩලේ අය අතා කරනව පෙන්නනව, එවත් ෂූට් කරන්නේත් මෙවෙලෙමයි!
ඔය විකාර ටික ඉවර වෙද්දී 10ත් පහුවෙලා! ඕන් තරඟ කාරයො ටික stage එකට අවා! අර තරඟේ මුලදි රවින්ද්‍ර රන්දෙණිය ලොක්කා තරඟකාරයෝ හරියට පොඩි කාලේ ඉඳන් දන්නව වගේ හඳුන්නල දෙන්නේ!! දැන් ඒක ෂූටින්! එයා ඉස්සෙල්ලා තරඟකාරයො ලගට ගිහින් විස්තර අහල ඔක්කොම කට පාඩම් කරගෙන ඕන් එකත් ඉවර කලා! ඊළඟට stage එකට ආවා කැළුම් ශ්‍රීමාල්! බැලින්නම් එයත් අධ්‍යක්ෂක වැඩේ! යාන්තම් තරඟේ පටන් ගත්තා, හෝව් කොහෙ පටන් ගන්නද! මෙන්න තරඟකාරයෙක් කෑගහනවා! "මගේ  touch screen එක වැඩ කරන්නේ නෑ!" තව පැය භාගයකට බඩු!
කොහොම කහොම හරි වැඩේ පටන් අරන් Hot Seat එකට් තරඟකාරයෙක් ගත්තා කියමුකෝ! ඊලගට ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට එයාව මේක් අප්! (හැබැයි ආපු සමහර තරඟකාරයන්ගේ තිබුනු සාමාන්‍ය දැනීමේ හැටියට මේකට තියෙන ටෙස්ට් එක පාස් උනේ කොහොමද කියල යකාට හිතුනා!). හරි කොහොමෙන් කොහොමෙන් හරි වැඩේ ඉවර වෙද්දී රෑ 7! මදැයි! මේ වැඩ අස්සේ යකා ඕකට ගියේ පැයේ රියැලිටි ෂෝ එකක් නිසා පැයක් ඇතුලත වැඩේ ඉවර වෙයි කියල හිතගෙන! වැඩසටහන කෙරුනු විදිහට මෙකට රියලිටි කියන්න පුලුවන්ද මන්දා, ඒත් ඉතින් ගිරා මලයා නම් කිව්වේ රියලිටි කියල තමා!

Thursday, March 3, 2011

යකාට යකා නගී!

දැන් නම් යකාට යකාම නැගලා ඉන්නේ. යක්කු අපි ඉන්නේ සක්වල ගලෙන් එහා උනත් රෑට රෑට අවිත් ගොඩ බහින්නේ ලංකාවට නොවැ, ඉතින් ලංකාව අපිට අපේ රජ්ජේ වගේ තමා, අර පණ්ඩුකාභය එක්කත් සපොර්ට් එකට අපිනෙ ෆයිට් කලේ! මේ දවස් වල ලංකාවේ නරයන්ගේ ඔලුවෙ තියෙන්නේ එක දෙයයි, අපි බ්‍රේක් ඩාන්ස් නේමේ හෙලුවෙන් අවිත් නරයො ඉස්සරහට පැන්න්ත් උන් ගනන් ගන්නේවත් නෑ! දවස පුරාම වර්ල්ඩ් කප් මැච්. යක්කු අපිත් ඉතින් පුල් සපොර්ට් එක ලංකාවට කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ නොවැ. ‍රැට මැච් ගහුවොත් ඉතින් ග්‍රවුන්ඩ් එකේ වහලට හරි සෙට් වෙලා අපිත් මැච් බලනවා!
මොකක් උනත් පකිස්තානෙට පැරදුනාට නම් යකාටත් මාර් අප්සෙට්, ඒ දුකටම එදා යකා ගත්තෙත් නර බිලි තුන හතරක් විතරයි. ඕව ඔහොම තමා, කාටවත් හැමදාම දිනන්න බෑ, හැමදාම එක විදිහට ගහන්නත් බෑ, හොද දවස් නරක දවස් හැමෝටම තියෙනවා. එදා අපේ මහේල ජයවර්ධන නරයටයි තිලාන් සමරවීර නරයටයි ගහන්න බැරි උනා නෙව, පොඩි ලකුණු ගානකට දෙන්නම අවුට් උනා. හරි දැන් මොකටද මේ යකාට යකා නැග්ගේ?? අර ITN කියන චැනල් එකේ හැමදාම නිව්ස් වලින් පස්සේ කාලීන කියලා මඩ වැඩසටහනක් යනවා නෙව, ඔකේ ඉතින් හැමදාම කොරන්නේ කවහරි අල්ලන් මඩ ගහන එකනේ, ඔකේ ඉතින් දේසපාලුවෝ කොයි තරම් මඩ ගහගත්තත් මේ යකාට නම් කමක් නෑ! අපේ එකම රජා කිංග් වෙසමුනි නෙව! ඒත් මේ ලඟදි දවසක ඕක ලියන 'මඩයා' අර මහින්ද අබේසුන්දර කියන එකා කිව්වනේ එදා මහේලයි තිලානුයි තරඟ පාවා දුන්නා කියලා!
ඒ මඩයා මීට කලින් එක ක්‍රිකට් තරඟයක්වත් බලලා තියෙනවද කියලා යකාට නම් සැකයි, ඌ හිතන විදිහට ලකුනු පොඩ්ඩකට අවුට් උනොත් ඒ පගා අරන්. මේ මුලු රටම ටීම් එකේ අයගේ මොරාල් නග්ගන්න, දිරි ගන්නන්න හදන වෙලේ මේ මෝඩ නරයා කරන දෙවල්. ඕව දැක්කම අපිට නම් හිතා ගන්න පුලුවන් කව්ද පගා අරන් තියෙන්නේ කියලා.

කොහොම උනත් මේ වගේ එවුන්ව උල තියලත් මදි කියලයි යකාට නම් හිතෙන්නේ, ඒත් මේක නර ලෝකෙ නොවැ, ඉතින් ඒකාට කරන දේ ඔය නරයොම තීරණය කරල බලන්ට. යකාගේ නම් දැන් අඟේ මාලුත් යකා නටනවා! ඔය නරයන්ගේ එහේමම තම කියලා යකා දන්නවා. දැකපු නැති අය ඉන්නවානම්  අර 'කට කැඩිච්ච කතාව' මෙතනින් බලා ගන්න. එහෙනම් යකා අදට යන්ටයි හදන්නේ. ශ්‍රී ලංකා ටීම් එකේ නර පනුවෝ ටිකට ජයෙන් ජයම වේවා කියල සුභ පතන ගමන් ඕන් යකා යන්ට යනවා. හැමෝටම ආවඩා ආයුබෝ....