Monday, February 21, 2011

ගරායකාගේ බ්ලොග් සම්ප්‍රාප්තිය!

යකෙක් වෙලා ඉන්න එකත් ලේසි නෑ. නරයන්ට නම් කම්මැලි කම නැති කරගන්ට ෆේස්බුක් එකවත් තියෙනව නොවැ, එකට අපිට... කම්මැලි කම නැති කරගන්න කරන්න මෙලෝ දෙයක් නෑ! ආ වැරදුනා නෙව, මෙලෝ නෙමේ එලෝ දෙයක් නෑ! හැබැයි මම මෙහෙම කිව්වට අපේ සමහරුන්ට නම් දේවල් තියෙනවා. දැන් කාටද මේ අපේ කිව්වේ? අපේ කිව්වේ මගේ යාලුවො ටිකටනේ! මහසෝනා, රීරී යකා, සොහොන් යකා, කලුකුමාර, සර්වභුත, කුරුම්බර, කොටකුමාර වගේ අය තමා! තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔක්කොම යක්කු! හපොයි තව ඩින්ගෙන් අමතක වෙනවා! ඇයි අපේ බොස්! වෙසමුනි රජ්ජුරුවෝ! එයත් ඉන්නවා.

සොහොන් යකා කම්මැලි වෙලාවට කරන්නේ බො‍රැල්ල කනත්තේ සොහොන් කොත් චෙක් කරන එක! හැබැයි මට නම් ඒකේ මෙලෝ රහක් නෑ! ඒකට අපේ කලුකුමාර, අන්න යක්කු, එයා කරන්නේ අහැට කනට පේන (කනට පේන!) ලස්සන ගෑනු ළමෙක් දැක්කම එයා ඉස්සරහ පොඩි බ්‍රේක් ඩාන්ස් පාරක් දාලා, ඊට පස්සේ එකට තියෙන තොවිලෙත් එන්ජෝයි කරලා කුකුලෙක් ගෙන් සන්තෘප්ත වෙලා එන එක!! ඕකට නම් මගෙත් අකමැත්තක් නෑ! දැන් මම මොනවද කම්මැලි කම නැති කරගන්ට කරන්නේ?............... හරි ඔයලා හිතපු එක හරියට හරි!! මම බ්ලොග් ලියනවා!

මම නරපණුවන්ගේ ලොකේ තියෙන විකාර වැඩ වගේම අපේ කට්ටියට වෙච්ච දේවලුත් ඉස්සරහට කියන්නම්කෝ! දැනට මේ මදැ නේද!

16 comments:

  1. අඩුවකට හිටියේ යක්කු විතරයි ..මේන් දැන් උනුත් එකා දෙන්නා එලියට
    එනවා :D

    යකෝ ... මගේ යකා අවුස්න්නේ නැතුව වර්ඩ් වේරිෆීකේෂන් අයින් කරමු :D

    ReplyDelete
  2. බ්ලොග් ලියන එක යක්කු වන අපේ මානව අයිතිවාසිකමක්! ඉවසන්න නරපණුවො ඉවසන්න! තාම බ්ලොග් එක හදගෙන යනව නෙව! :D

    ReplyDelete
  3. යකා ලියපන් ඕන් අපිත් ෆලෝ

    ReplyDelete
  4. බූරු පුතාගේ අනිත් එක...
    එන්න ගත්තාමනං එනවා පෝලිමේ...

    ReplyDelete
  5. සිරකරුවා නරපණුවා බොහොම ඉස්තූතියි ෆලෝ කරනවට, ඒ වගේම ෆලෝ කරන ඉතුරු අයටත් ඉස්තූතියි!
    මා.හෝ. අපි යක්කු නම් ඔහොම නෑ! සක්වල ගලේ ඉන්න සියලුම යක්කු නියෝජනය කරමින් තමා මේ මම ආවේ! හොඳටම ෂුවර් වෙන මොන යකෙක් වත් පොලිමෙ එන්නේ නෑ! :ඩි

    ReplyDelete
  6. කිව්වත් වගෙ මෙන්න යකෙකුත් ඇවිල්ලා, එහෙනම් ඉතින් යකෝ වෙල්කම් කිව්වා, ඔන්න මමත් ෆලෝ පාරක් දැම්මා

    ReplyDelete
  7. කොස් අත්තකුත් කඩාගෙන කොරහකුත් බිඳගෙන වරෝ !!!
    ආවඩ ආයුබෝ වේවා !!! ඩෙන්න ඩෙනෝ

    ReplyDelete
  8. වල්කං වල්කං....

    ඔන්න යකෙක් තියා මොකෙක් වුනත් කමක් නෑ කියවන්න පුලුවන් එව්ව දාන්න ඕනෑ ඕං...

    මම පස්සෙන් එනවා ඕං..

    ඉස්සර යක්කු මිනිස්සු පස්සෙ ගියෙ දැන් අපි යක්කු පස්සෙ...

    ReplyDelete
  9. අම්මට උඩු යක්ෂ පරාණයක් නේද බොල..
    කමක් නෑ ලියපංකො එහෙනම් යක්කු ගැන. මේ රටට නියමෙට ගැලපෙයි..

    ReplyDelete
  10. යකා ඩෙගා නටන්නයි යන්නේ.ජය වේවා..ඔන්න මමත් පස්සෙන් එනෝ.....

    ReplyDelete
  11. ගරා යකා අයියෙ ලගදිම ගරා යකා නෑටුමක් බලාගන්න පුලුවන් වේයි නේද? ඔන්න මමත් පස්සෙන් එනවා..

    ReplyDelete
  12. අම්මේ උබලටත් අමුතු එකෙක් ආවොත් උගෙ පස්සෙන් යන්නමයි බලන්නෙ... මගේ පස්සෙනුත් වරෙල්ලකො

    ReplyDelete
  13. ඈ යකෝ, යක්කුත් බෝරින් වෙනවද, මම අදමයි ඇහුවෙ. ඈ බං ගරා, උඹ බ්ලොග් ලියනව දැකල අනිත් යක්කුත් උන්ගෙ ජොබ අතෑරල බ්ලොග් ලියයිද? එහෙම උනොත් අපි ආසාවටවත් බයවෙන්නෙ කොහොමෙයි, යකෙක්ට බය වීම කියන්නෙ මානව අයිතිවාසිකමක් නෙව. ඒක නෙමෙයි උඹ අයිලෙ පදින්නත් දන්නවද ගරා ?

    ReplyDelete
  14. එහෙනම් යකෝ ඩෙන්න ඩෙනා කියලා ලියන්න පටන් ගත්තා නම් හොදා. ආවඩා ආයු බෝ !!!!

    ඔන්න එහෙනම් මගෙන් දුම්මල වරමක් !!!

    ReplyDelete
  15. අපි නම් යක්කුන්ට No බිය... පස්සෙන්ම පන්නනවා....

    ReplyDelete
  16. ඔය නරයෝ හැමෝටම බොහොම ස්තූතියි කිව්වා! මම යකෙක් උනත් මට නරයෝ බොහෝම කැමතියි නෙව! ස්ටාර් තර‍ඟෙකට එහෙම ගියොත් උඩින්ම දිනතෑකි!

    ReplyDelete