Tuesday, February 22, 2011

ගරායකාගේ දෙවන බ්ලොග් ලිපිය!

ඇත්තමයි යකාට නම් දැන් මාර සතු‍ටුයි! දැන් ඔය නරයෝ බලාවී මොකෝ යකෝ මේ යකාට හිටි ගමන් චූන් එකක් ගියේ කියලා! ඒක හේතුවත් ඔය නරයොම තමා. යකා හා හා පුරා කියලා පළවෙනි බ්ලොග් එක ලියලා තාම දවසයි ගියෙ, ඒත් මොකෝ දැනටම නරයෝ දහ අටදෙනෙක් යකාගේ පස්සෙන් එනවා, හොඳ ප්‍රතිචාරත් ලැබුනා. ඉස්සර නම් යක්කු තමා නරයන්ගේ පස්සෙන් ගියේ, ඒකට දැන්, කිසි ලජ්ජා බයක් නැතුව යක්කු පස්සෙන් නරයෝ එනවා! මෙහෙම ගියොත් ඉස්සරහට තොවිල් නටන්ට වෙන්නේ නරයට බයවෙච්ච යකාට! හබැයි ඉතින් මගේ පස්සෙන් නම් නරයො එනවට මේ යකා බොහෝම කැමතියි.

මමත් ඉතින් යකෙක් විදිහට නරයෝ පස්සෙන් යන්න මාර ආසයි. හැබැයි ඔය පස්සෙන් යන වැඩ වලට දස්සයා නම් අපේ කලුවා! කලුවා කිව්වේ අපේ කලුකුමාරයට. මම කලින් ලිපියෙත් කිව්වනේ එයගේ හැටි, ලස්සන ගෑණු ළමෙක් දැක්කොත් ඉතින් දවසම එයා පස්සේ තමා! ඕකත් ෆුල් ජොලි නම් තමා, හැබැයි ඉතින් පස්සෙන් යනවා අපෙ සුදුචූටි එහෙම දක්කොත් අනේ ඉඳලා ඉවරයි! (සුදුචූටි කිව්වේ මගේ 'එක්කෙනානේ!') දන්නැද්ද ගැනු අයට තරහ ගියම කියන්නේ අපෝ එයා නම් යකින්න වගේ කියලනේ, ඉතින් හිතා ගන්ටකෝ ඇත්තටම යකින්නියෙක්ට තද උනාම! හරියට හිරෝෂිමාවට බෝම්බ ගහුව වගේ නෙව! ආ දැන් මම කිය කිය හිටියෙ මොකක් ගැනද, හරි හරි මේ පස්සෙන් යන එක ගැනනේ (සුදුචූටි ගැන කිව්වම ඒකත් අමතක උනා!) මමත් ඔය නරයන්ගේ පස්සෙන් එන්න බොහෝම ආසයි, වෙලා ලැබෙන හැටියකට ඔය නරයන්ගේ බ්ලොග් වලටත් ඔලුව දාලා පස්සෙන් එන්ට පටන් ගන්නම්කෝ. අපි දවස පුරාම කෑම හොයන්ට යන්න ඕනිනේ ඉතින් මේ වැඩ වෙලට බොහෝම පොඩි ඉඩයි ලැබෙන්නේ, යක්කු උනාම ඔය නරයන්ට වගේ තේ කඩයක් කියලා එකක්වත් නෑ නොවැ,  මොකෝ අපේ කෑම විකුනනව කියලයෑ! අපි සෙල්ෆ් සර්විස්! අනික දැන් කෑමත් හිඟයි..කෑම හොයන්න ගිහින් උනු කතාත් පස්සේ වෙලාවක කියන්නම්කෝ.

එහෙනම් යකා අදට නවතින්නයි හදන්නේ. ඔය නරයන්ට බොහෝම ඉස්තුතියි යකාගෙ පස්සෙන් එනවට. ඒ වගේම යකාගෙ ලිපි ගැන අදහසුත් ලියලා දන්න. ගල්, මුල්, මල් ඔය හැම අදහසක්ම යකා බොහෝම අසාවෙන් කියෝනවා. එහෙනම් ඕන් කොස් අත්තකුත් කඩාගෙන කොරහත් බිඳගෙන යකා යන්ටයි හදන්නේ. ආවඩා ආයුබෝ!!

10 comments:

  1. අඩේ මෙන්න ගරා යකා බ්ලොග් ලියනවා.නියමයි, අපිත් ඉන්නවා කියවන්න.

    ReplyDelete
  2. මේ ගරා යකෝ මතකද ඉස්සර කතරගම දෙවියො තමුන්ට වැඩක් භාර දීල වෙච්චි ඇබැද්දිය
    http://lankajhothisha.blogspot.com/2011/01/blog-post_20.html

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එල නේ යකින්න ගැනත් ලියන්න පටන් ගමු එහෙනම්. ඔන්න මමත් කියවන්න ආවා. අපේ පැත්තෙත් එන්න ඕනේ හොදද ? හික් ස්

    ReplyDelete
  5. ජෝතිෂලංකා නැතුව නැතුව, ඕක කොහේ අමතක වෙන්නද! මතක් වෙද්දිත් විළි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ! හැබැයි ඉතින් වැරද්ද නම් මගේ නමේ ඕන්!

    ReplyDelete
  6. මොනවා කියනවද මධුරංග නරයෝ, චූටි ගැන නොලිව්වොත් මාව විමානෙනුත් පන්නයි! දන්නැද්ද යකා උනත් wifeට බයයි නෙව!

    ReplyDelete
  7. මෙච්චර රෑ තිස්සේ කරක් ගහන මමවත් මෙච්චර කාලෙකට දැක්කෙ නෑනෙ යකෝ බ්ලොග් ලියන යකෙක්. එළ එළ ඔහොම යමන්... උඹට වෙසමුණියගෙම පිහිටයි...!!!

    ReplyDelete
  8. කොහේ දකින්නද නිශාචරයෝ, ඔය නරයෝ කරක් ගහන වෙලාවට අපි ගස් උඩ නෙව! දන්නවනේ යක්කූ රෑට ගස් නගින විත්තිය!.

    ReplyDelete
  9. එල එල මමත් කියවනවා .. යකාගේ පොස්ට් ජයවේවා

    ReplyDelete
  10. It also has a seven meter long flag pole that is the most remarkable feature of the place. Many tourists and travelers have visited the place and were very mush astound with its remarkable and delightful Watch Latest News At Gossiplankaupdates.

    ReplyDelete