Thursday, March 3, 2011

යකාට යකා නගී!

දැන් නම් යකාට යකාම නැගලා ඉන්නේ. යක්කු අපි ඉන්නේ සක්වල ගලෙන් එහා උනත් රෑට රෑට අවිත් ගොඩ බහින්නේ ලංකාවට නොවැ, ඉතින් ලංකාව අපිට අපේ රජ්ජේ වගේ තමා, අර පණ්ඩුකාභය එක්කත් සපොර්ට් එකට අපිනෙ ෆයිට් කලේ! මේ දවස් වල ලංකාවේ නරයන්ගේ ඔලුවෙ තියෙන්නේ එක දෙයයි, අපි බ්‍රේක් ඩාන්ස් නේමේ හෙලුවෙන් අවිත් නරයො ඉස්සරහට පැන්න්ත් උන් ගනන් ගන්නේවත් නෑ! දවස පුරාම වර්ල්ඩ් කප් මැච්. යක්කු අපිත් ඉතින් පුල් සපොර්ට් එක ලංකාවට කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ නොවැ. ‍රැට මැච් ගහුවොත් ඉතින් ග්‍රවුන්ඩ් එකේ වහලට හරි සෙට් වෙලා අපිත් මැච් බලනවා!
මොකක් උනත් පකිස්තානෙට පැරදුනාට නම් යකාටත් මාර් අප්සෙට්, ඒ දුකටම එදා යකා ගත්තෙත් නර බිලි තුන හතරක් විතරයි. ඕව ඔහොම තමා, කාටවත් හැමදාම දිනන්න බෑ, හැමදාම එක විදිහට ගහන්නත් බෑ, හොද දවස් නරක දවස් හැමෝටම තියෙනවා. එදා අපේ මහේල ජයවර්ධන නරයටයි තිලාන් සමරවීර නරයටයි ගහන්න බැරි උනා නෙව, පොඩි ලකුණු ගානකට දෙන්නම අවුට් උනා. හරි දැන් මොකටද මේ යකාට යකා නැග්ගේ?? අර ITN කියන චැනල් එකේ හැමදාම නිව්ස් වලින් පස්සේ කාලීන කියලා මඩ වැඩසටහනක් යනවා නෙව, ඔකේ ඉතින් හැමදාම කොරන්නේ කවහරි අල්ලන් මඩ ගහන එකනේ, ඔකේ ඉතින් දේසපාලුවෝ කොයි තරම් මඩ ගහගත්තත් මේ යකාට නම් කමක් නෑ! අපේ එකම රජා කිංග් වෙසමුනි නෙව! ඒත් මේ ලඟදි දවසක ඕක ලියන 'මඩයා' අර මහින්ද අබේසුන්දර කියන එකා කිව්වනේ එදා මහේලයි තිලානුයි තරඟ පාවා දුන්නා කියලා!
ඒ මඩයා මීට කලින් එක ක්‍රිකට් තරඟයක්වත් බලලා තියෙනවද කියලා යකාට නම් සැකයි, ඌ හිතන විදිහට ලකුනු පොඩ්ඩකට අවුට් උනොත් ඒ පගා අරන්. මේ මුලු රටම ටීම් එකේ අයගේ මොරාල් නග්ගන්න, දිරි ගන්නන්න හදන වෙලේ මේ මෝඩ නරයා කරන දෙවල්. ඕව දැක්කම අපිට නම් හිතා ගන්න පුලුවන් කව්ද පගා අරන් තියෙන්නේ කියලා.

කොහොම උනත් මේ වගේ එවුන්ව උල තියලත් මදි කියලයි යකාට නම් හිතෙන්නේ, ඒත් මේක නර ලෝකෙ නොවැ, ඉතින් ඒකාට කරන දේ ඔය නරයොම තීරණය කරල බලන්ට. යකාගේ නම් දැන් අඟේ මාලුත් යකා නටනවා! ඔය නරයන්ගේ එහේමම තම කියලා යකා දන්නවා. දැකපු නැති අය ඉන්නවානම්  අර 'කට කැඩිච්ච කතාව' මෙතනින් බලා ගන්න. එහෙනම් යකා අදට යන්ටයි හදන්නේ. ශ්‍රී ලංකා ටීම් එකේ නර පනුවෝ ටිකට ජයෙන් ජයම වේවා කියල සුභ පතන ගමන් ඕන් යකා යන්ට යනවා. හැමෝටම ආවඩා ආයුබෝ....

5 comments:

  1. යකාට උනත් මල පනින එක සාධාරනයි. නරයොත් කරන්න හදන්නේ යක්ශ වැඩ නේ. යක්කු කියලා මොනා කරන්නද ඉහලින් ඉන්න එවුන් නේ ඕවා කරන්නේ. අපට තියෙන්නේ විවේචනය කර කර ඉන්න විතරයි.

    ReplyDelete
  2. නරයන්ගෙ වැඩ ඔහොම තමයි ගරා යකෝ දැන් ඔය විමසුම කාරයා මහේලලගෙන් සමාව ගත්තැයි කියන්නේ.වැරැද්ද කරල සමාව ගත්තත් වැරැද්ද වැරැද්දමයි.

    ReplyDelete
  3. ඔය ඉතිං මඩයගෙ රස්සව නොවැ. අද කාටහරි මඩ නොගැහුවොත් හෙට කන්න බොන්න හොයාගගන්නෙ කිහොමෙයි නේද? ඒත් බත් පතට හරි කරපු වැඩේ අජූතයි, වසුරු කනව හොඳයි තමන්ගෙ එවුන් මෙහෙම පාවාදෙනවට වැඩිය.

    ReplyDelete
  4. මධුරංග මේවට යක්ශ වැඩ කියන එකට නම් මම විරුද්දයි! යක්කු අපිවත් අපේ සහෝදර යක්කුන්ට මඩ ගහලා මෙහෙම බලු වැඩ කරන්නෑ! ඒත් ඉතින් කිව්වත් වගේ අපි මක් කරන්නද...

    ReplyDelete
  5. ජෝතිශලංකා ඒක හරි, වැ‍රැද්දට සමාව ගත්ත කියලා අපේ ක්‍රීඩකයන්ට දැනිච්ච දුක නේති වෙන්නේ නෑ නෙව...
    නවම්මාවත මරු කතාව, මුන්ට අම්මා තාත්තා විකුනල හරි කමක් නෑ උගේ වැඩේ කෙරෙනවනම්...මෙහේව් එවුන් ඉන්න රටක ඉන්න අපිටත් හිරිකිතයි..

    ReplyDelete